CTS කථිකාචාර්ය මණ්ඩලය 2025

img
අයිවෝ පූබාලන්
විදුහල්පතිය
BA (Hons), ThM, PhD
ලන්ඩන් දේවධර්ම පාසලෙන් (එක්සත් රාජධානිය) සහ ත්‍රිත්ව ඉවැන්ජලිකල් දේවත්ව විද්‍යාලයෙන් (ඇමරිකා එක්සත් ජනපදය, පරණ ගිවිසුම සහ සෙමිටික් භාෂාවන්ගෙන් ThM උපාධිය) උපාධි ලබා ගත්තේය. කේප්ටවුන් විශ්ව විද්‍යාලයේ (දකුණු අප්‍රිකාවේ) ආගමික අධ්‍යයන පිළිබඳ ආචාර්ය උපාධිය ඔහුට හිමි විය. ඔහු කොල්ලුපිටිය මෙතෝදිස්ත පල්ලියේ නායකයෙකු වන අතර දහම් පාසලේදී අවුරුදු 13-17 වයසේ අයට දේශනා කිරීම, තරුණයින්ගේ මඟ පෙන්වීම සහ ඉගැන්වීම තුළින් මූලික වශයෙන් දේවසේවකයන් වේ. ඔහු ලෝසෑන් ව්‍යාපාරයේ දේවධර්ම ක්‍රියාකාරී කණ්ඩායමේ සම සභාපති ලෙස කටයුතු කරයි.
රවින් කල්දේරා
පීඨාධිපතිය
DipAgri, BTh, BA, MA
කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලයේ හා විවෘත විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි. ඩලස් දේවධර්ම ශාස්ත්‍රාලයෙන් බයිබල් අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ඇති හෙතෙම අවුරුදු ගණනාවක පුරෝගාමී සභාරෝපණ සේවයේ අත්දැකීම් ඇත්තෙකි. පුරාතන මැදපෙරදිග හා බයිබලයේ භූගෝලය පිළිබඳ අවබෝධය නිසා ලංකාවේ ප්‍රකාශනයන්හි සිතියම් නිර්මාණය සඳහා සම්පත් දායකයකු ලෙස කටයුතු කොට ඇත. ජීවමාන ක්‍රිස්තු සභාවේ දේවගැතිවරයෙකි.
මනෝ ඉමෑනුවෙල්
ශාස්ත්‍රීය ප්‍රවර්ධන අංශාධිපතිය
FCCA, BTh, MA, PhD
ලන්ඩන් දේවධර්ම පාසලේ (එක්සත් රාජධානියේ) උපාධිධාරිණියකි. ආසියා උපාධි දේවධර්ම පාසලෙන් (පිලිපීනය) ඇයට සාම අධ්‍යයනය පිළිබඳ ආචාර්ය උපාධියක් පිරිනමන ලදී. මෙතෝදිස්ත දේවස්ථානයේ ප්‍රාදේශීය දේශකාවකි. ඇදහිල්ලට අවබෝධය : ක්‍රිස්තියානි ධර්මයට හැඳින්වීමක් සහ ලැජ්ජාවට නැඹුරු සංස්කෘතියක කිතුනුවන් අතර අන්තර් පුද්ගල සංහිඳියාව: ශ්‍රී ලාංකික සිද්ධි අධ්‍යයනයක් හි කතුවරියයි. පෙර, CTS හි පීඨාධිපතිය. ඇයගේ පෙර වෘත්තිය ලන්ඩනයේ වෙස්ට් එන්ඩ් හි ගණකාධිකාරිවරියක ලෙස ය.
ජූලියන් දේවදාසන්
BTh, MDiv
CTS හි සහකාර පීඨාධිපතිය. දකුණු ආසියානු දේවධර්ම ආයතනයේ (SAIT, ශ්‍රී ලංකාව) සහ දේවධර්ම අධ්‍යයන සහ දූත මෙහෙවර සඳහා ආසියා මධ්‍යස්ථානයේ (ACTS, දකුණු කොරියාව) උපාධිධාරියෙකි. ඔහු දැනට දකුණු අප්‍රිකානු දේවධර්ම සම්මන්ත්‍රණයෙන් (දකුණු අප්‍රිකාව) MTh උපාධිය ලබමින් සිටී. ඒ අතරම, ඔහු Ambassadors for Christ Internationalහි සහකාරයෙකු ලෙසත්, Abortion Survivors Network හි pro-Life සඳහා ජාත්‍යන්තර කථිකයා ලෙසත් සේවය කරයි. හලාවත ශාන්ත ජේම්ස් දේවස්ථානයේ සාමාජිකයෙකි.
ඊන්ස්ටීන් ප්‍රනාන්දු
HND (Counselling), BTh, PgDip (BAPC)
කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලයේ උපාධිධාරියෙකු හා ගුරු මණ්ඩල සාමාජිකයෙකි. කිතුසෙවණ සේවයේ දේවගැතිවරයෙකු ලෙස ද ගෝලත්ව මධ්‍යස්ථානයේ ගුරුවරයෙක් හා උප විදුහල්පතිවරයෙක් ලෙස ද කටයුතු කර තිබේ. උපදේශන කටයුතුවල නිරත වන අතර ශ්‍රී ලංකා පදනම් ආයතනයෙන් උසස් ජාතික උපදේශන ඩිප්ලෝමාව ලබාගත්තේය.
සනත් අතුකෝරාළ
BSc, BTh, MA, PhD
කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලයේ ආධ්‍යාත්මික ගොඩනැගීම් සම්බන්ධිකාරකවරයාය. කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලයේ උපාධිධාරයෙකු වන මෙතුමා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජෛව විද්‍යාව පිළිබඳ උපාධියද, ටෝච් ට්රිනිටි විශ්වවිද්‍යාලයේ ක්‍රිස්තියානි අධ්‍යාපනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය (2007) සහ අධ්‍යාපන අධ්‍යයනය පිළිබඳ ආචාර්ය උපාධිය (2020) ද ලබා ඇත. වසර 20 කටත් වැඩි දේව සේවයේ හා ඉගැන්වීමේ සේවයේ පළපුරුද්දක් ඇති අතර මෙතුමා සියලු ජාතීන්ගේ සභාවේ සාමාජිකයෙකි.
දිලිප් ගුණවීර
BTh
කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලයේ උපාධිධාරියෙකු හා ගුරු මණ්ඩල සාමාජිකයෙකි. එසේම කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලයේ රජරට දුරස්ථ අධ්‍යාපන පීඨයේ සම්බන්ධීකාරක ලෙස ද කටයුතු කරයි. වසර 13 ක කාලයක් කල්වාරි දේවස්ථානයේ සභාපාලක සේවයේ අත්දැකීම් ඇත. වර්තමානයේ අනුරාධපුර ලංකා දේව සභාවේ ගිහි දේශකයෙකු සහ නායකයෙකු ලෙස ද සේවය කරන්නේය.
ජෝන්සන් සන්ද්‍රසේගර්
BTh
කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලයේ උපාධිධාරියෙකි. ජොන්සන් වසර ගණනාවක් සහායක පීඨ සාමාජිකයෙකු ලෙස සේවය කර ඇති අතර CTSහි දෙමළ මාධ්‍ය තුළ පුළුල් ලෙස ඉගැන්වීය. වසර 20කටත් වැඩි කාලයක් සියොන් කන්දේ කූඩාරම සභාවේ ප්‍රධාන සභාපාලකවරයා වන අතර කොරියාවේ ජාත්‍යන්තර දේවධර්ම විද්‍යාලයේ පරණ ගිවිසුමේ සහ අලුත් ගිවිසුමේ ක්‍රිස්තියානි ආගම පිළිබඳ සහතිකය ලබා ඇත. මෙතුමා උතුරු කොළඹ උතුරු පළාත් සභාවේ මහලේකම්වරයා ලෙස ද කටයුතු කරයි.
රාජාරාම් හරිහරන්
BTh, MMin
CTS හි දුරස්ථ පීඨ කළමනාකරුය. සිංගප්පූරුවේ ත්‍රිත්ව දේවධර්ම විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියක් ලබා ඇති ඔහු සිවිල් යුද්ධය පුරාම උතුරු පළාතේ ජීවත් වී YFC හි ත්‍රෛභාෂා සේවය තුළ වැඩ කිරීමේ මහත් අත්දැකීමක් ලබා දෙයි. එතුමා වැල්ලවත්ත, මුවර් විදීය මෙතෝදිස්ත සභාවේ සාමාජිකයෙකි.
නතැනියෙල් සෝමනාදන්
BEng, MA, PhD (candidate)
Christian Revival Crusadeහි සහකාර දේවගැතිවරයෙකු සහ එක්සත් රාජධානියේ බර්මින්හැම් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය ලබමින් සිටී. ඔහු දේවධර්ම මානව විද්‍යාව කෙරෙහි අවධානය යොමු කරමින් ඓතිහාසික හා ක්‍රමානුකූල දේවධර්මය පිළිබඳ විශේෂඥයෙකි. ඔහු දේවධර්ම ශිෂ්‍යත්වය සහ ප්‍රායෝගික දේවසේවය සම්බන්ධ කරන තීක්ෂ්ණ බුද්ධිය ලබා දෙමින් අධ්‍යයන ඉගැන්වීම් සමඟ දේවගැති සේවය ඒකාබද්ධ කරයි. ඔහුගේ කාර්යය සභාවේ ඉතිහාසය සහ මූලධර්ම සංවර්ධනය සමඟ ගැඹුරින් නියැලී සිටින අතර, සිසුන්ට සහ සභාවේ ප්‍රජාවන්ට දේවධර්මය පිළිබඳ පොහොසත් අවබෝධයක් පෝෂණය කරයි.
වනජා රාජ්කුමාර්
BTh
CTS හි සහකාර පුස්තකාලයාධිපති සහ උතුරු කොළඹ CTS අධ්‍යයන මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක වේ. කාන්තා හා ළමා සේවාවලට සම්බන්ධ වීමට අමතරව ඇය පුහුණු ‘Master Facilitator in Healing the Wounds of Trauma (Children)’ සහ ‘මවකගේ අභිප්‍රාය’ පිළිබඳ ජ්‍යෙෂ්ඨ පහසුකම් සපයන්නියකි. ඇය සත්‍ය වාසනම් (Back to the Bible) හි දෙමළ අංශයේ පරිපාලන සම්බන්ධීකාරක ලෙස වසර හතරක් සේවය කර ඇත. ඇය ගිංතුපිටිය ශාන්ත තෝමස් දේවස්ථානයේ සාමාජිකාවකි.
ක්‍රිස්නි එදිරිසිංහ
BTh, MA (candidate)
කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලයේ සම්බන්ධීකාරක: ළමා සේවා ක්ෂේත්‍රය. කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලයේ උපාධිධාරිණියකි. විසිවසරකට ආසන්නව ඉරුදින පාසල් හා පෙරපාසල් ගුරුවරියක් වශයෙන්ද අනතුරුව “ශ්‍රී ලංකා ළමා ධර්මදාන සහභාගිත්වයේ” (CEF) මොරටු ශාඛාවේ අධ්‍යක්ෂිකාව ලෙසද සේවය කර ඇත. ඇය පිලිපීනයේ ආසියා-ශාන්තිකර නසරීන දේවධර්ම ශාස්ත්‍රාලයේ (APNTS) සාකල්‍ය ළමා සංවර්ධනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියේ අවසාන පර්යේෂණ නිබන්ධනයේ කටයුතුවල නියැලෙන්නීය.

අතිරේක/බාහිර කථිකාචාර්යවරු

සුරංග අතුකෝරාළ
ADCN, DIM, BTh
කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලයේ උපාධිධාරියෙකු වන අතර, හිටපු තොරතුරු තාක්ෂණ කළමනාකරු හා සහකාර පුස්තකාලයාධිපතිවරයාය. ජනතා දේවසභාවේ ප්‍රාදේශීය නායකයෙකු ලෙස සේවය කරන අතර පාලන මණ්ඩලයේ පරිපාලන කමිටුවේ සභාපති ධුරයද දරයි. එලෙසම දේව සභා සංගමයේ (එසෙම්බ්ලි ඔෆ් ගෝඩ්) අක්තපත්‍රධාරියෙක් වන හෙතෙම වර්තමානයේ ජීවිතාලෝකය හි උපදේශක/පරිපාලක සහ මානව සම්පත් කළමනාකරු වශයෙන්ද කටයුතු කරන්නේය. කිතු බැති ගී දැහැන සිංහල ගීතිකා කෝඩ් ඇප් හා වෙබ් සේවය මොහුගේ නිර්මාණයි.
මහින්ද මුණසිංහ
BTh, MA
කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලයේ උපාධිධාරියකු වන අතර කැම්පස් කෘසෙඩ් ෆොර් ක්‍රයිස්ට් සහ නැවිගේටර්ස් ආයතනයන් හි දිගු කලක් සේවය කර ඇත. පිලිපීනයේ ජාත්‍යන්තර නායකත්ව පිළිබඳ විද්‍යාලයේ (IGSL) පරිවර්තනාත්මක නායකත්වය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ඇත. මෙතෝදිස්ත සභාවේ ගිහි නායකයෙක් සහ පුර්ණ ගිහි දේශකයෙක් ලෙස සේවය කරන අතර වර්තමානයේ ගෝලයන් ගොඩනැගීමේ සේවාවේ නියුක්තව සිටි.
සරත් ද සිල්වා
BTh, MDiv
කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලයේ දේවවේදි උපාධීයද, නායකත්වය පිළිබඳ ජාත්‍යන්තර උපාධි විද්‍යාලයේ (IGSL–Philippines) ශාස්ත්‍රපති උපාධියද ලබා ඇත. වසර 30කට අධික කාලයක් පුරා විවිධ සේවාක්ෂේත්‍රවල පුළුල් අත්දැකීම් ඇති, වර්තමානයේ ඌව, නැගෙනහිර හා බස්නාහිර යන පළාත්හි බොහෝ පුරෝගාමි සේවකයින්ගේ මිත්‍රෝපදේශයෙකු (Mentor) ලෙස කටයුතු කරයි. තවද පීඩා විඳින සභාවන් වෙනුවෙන් සේවය කරන නිව් හාර්වෙස්ට් ෆවුන්ඩේෂන් ආයතනයේ ජාතික අධ්‍යක්ෂක වශයෙන් ද කටයුතු කරයි. ජීවමාන ක්‍රිස්තු සභාවේ දේවගැතිවරයෙකි.
ජී. පී. වී. සෝමරත්න
BA, MA (Missiology), MA (Theology), PgDip (Demography), PhD
කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලයේ හිටපු පර්යේෂණ අංශ භාර මහාචාර්යතුමාය. විපුල ඵලැති ගවේෂකයෙකු හා අධ්‍යාපනික පොත් සහ ලිපිවල කර්තෘවරයෙකි. මෙතුමා කොළඹ විශ්ව විද්‍යාලයේ නුතන ඉතිහාසය පිළිබඳ මහාචාර්ය ධුරය හෙබවූ අතර යෙරුසලමේ හෙබ්‍රෙව් විශ්ව විද්‍යාලයේ ටෘමන් ආයතනයේ ද, ලී විශ්ව විද්‍යාලයේ සහ ෆුලර් දේවධර්ම ශාස්ත්‍රාලයේ බාහිර කථීකාචාර්යවරයෙකු ලෙස ද සේවය කර ඇත. කාණ්ඩ හතකින් සමන්විත ශුද්ධ බයිබලයේ විශ්වකෝෂයේ කර්තෘවරයාය.
මධු මිහිරි ප්‍රනාන්දු
Dip MME, BA, MA
කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියකි. වසර විසි දෙකක් කොළඹ බිෂොප් විදුහලේ ගුරුවරියක් ලෙස සේවය කළ අතර උපදේශකවරියක් ලෙසද කටයුතු කරයි. ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය නාලිකා හි වැඩසටහන් මෙහෙය වන්නියක් වන අතර කිතුනු ගුරු පුහුණු උපදේශකවරියක් ලෙසද සේවය කරයි. ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාවේ සම්පූර්ණ ගිහි දේශිකාවකි.
මිශෙල් පීරිස්
BTh, MA
ලංකා දේව සභාවේ (එසෙම්බ්ලීස් ඔෆ් ගෝඩ් ඔෆ් සිලෝන්) බලපත්‍රලාභී දේවගැතිවරියක වන ඇය ජාතික මට්ටමින් තරුණ සේවය සඳහා විෂයමාලා සකස් කිරීමට සම්බන්ධ වී ඇත. ආසියා පැසිෆික් දේවධර්ම ශාස්ත්‍රාලයේ (APTS) සහ දකුණු ආසියා බයිබල් විද්‍යාලයේ (SABC) උපාධිධාරිනියකි. ඇය ශ්‍රී ලංකාවේ බයිබල් විද්‍යාලවල ප්‍රායෝගික දේවධර්මය සහ ඉතිහාසය පිළිබඳ පාඨමාලා ඉගැන්වීමේ බාහිර කථිකාචාර්යවරියක් ලෙස සේවය කර ඇත.
බෙනිසි සිල්වා
BTh, MDiv
කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලයේ දේවවේදි උපාධියද, පිලිපීනයේ නායකත්වය පිළිබඳ ජාත්‍යන්තර උපාධි විද්‍යාලයේ (IGSL) දේවධර්මය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියද ලබා ඇත. දැනට කිතුනු ධර්මය ඉගැන්වීමේ හා පුහුණුකිරීමේ සේවයේ යෙදී සිටින අතර, අවුරුදු 10ක පමණ තරුණ සේවයේ නායකත්වයද අවුරුදු 24ක පමණ සභාවේ දේවගැති සේවයේද අත්දැකීම් ලද්දෙකි.
චමිලා සුභාෂ් රණසිංහ
HND (Counselling), BTh
කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලයේ උපාධිධාරිණියකි. වසර 8ක කාලයක් සභාපාලිකාවක් ලෙස සේවයේ නිරතව සිටි අතර, පසුව ජීවිතාලෝක ආයතනයේ සිංහල සේවා කළමණාකාරිනිය වශයෙන්ද කටයුතු කරන ලදි. රූපවාහිනි සහ ගුවන්විදුලි කිතුනු වැඩසටහන් නිෂ්පාදිකාවක් සහ නිවේදිකාවක් වන අතර කිතුනු ලිපි හා පොත්පත් ලේඛිකාවක්ද වෙයි. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ උපදේශනය පිළිබද ජාතික ඩිප්ලෝමාව ද (NDC) උසස් ජාතික ඩිප්ලෝමාව ද (HND) ලබා ඇත. මෙතෝදිස්ත සභාවේ ගිහි දේශිකාවකි.
මනෝජ් පීරිස්
DipHTM, BTh
කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලයේ උපාධිධාරියෙකි. මීගමුව ප්‍රදේශයේ පැල්පත්වාසී ජනතාව සමඟ සේවය කරන අතර Friends In Christ ගෝලත්ව සේවයෙහි පුරෝගාමී හා මිත්‍රෝපදේශක ලෙස කටයුතු කරයි. ජීවමාන ක්‍රිස්තු සභාවේ තරුණ සේවය භාර පාලකවරයා ලෙස ද ලංකා ප්‍රෙස්බිටේරියානු තරුණ ලීගයේ සම-සාමාජික (Co-Opt Member) ලෙස ද වගකීම් දරයි. සිංගප්පූරුව කවනන්ට් ප්‍රෙස්බිටේරියානු සභාවේ ශ්‍රී ලාංකීය සේවයෙහි ලාංකීය කලාපය භාර සභාපාලකවරයෙක් ලෙස ද කටයුතු කරයි.
නිශාන්ත ගුණසේකර
BTh, MTS
ශ්‍රී ලංකාවේ මෙතෝදිස්ත සභාවේ හස්තාලේපලත් දේවගැතිවරයා වන අතර දැනට පැපිලියාන සහ කරගම්පිටිය මෙතෝදිස්ත දේවස්ථාන භාරව සේවය කරයි. ඉන්දියාවේ සෙරම්පෝර් විශ්ව විද්‍යාලයේ (BTh) උපාධිය ද ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝ හි මැකෝමික් දේවධර්ම සම්මන්ත්‍රණය (MTS) උපධියද ලබා ඇත.
ෂර්ලි ෆේබර්
BTh
ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි රෙපරමාදු සභාවේ හසල අත්දැකිමක් ඇති දේවගැතිවරයකු මෙන් ම, වර්තමානයේ මහා නායකතුමන් ද වෙයි. ලංකා බයිබල් විද්‍යාලයේ උපාධිධාරියෙකි. කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලයේ පාලක මණ්ඩලයේ (හිටපු) සාමාජිකයෙකි.
දුලිප් ප්‍රනාන්දු
BSc (Eng), BD, ThM
විශ්‍රාමික මෙතෝදිස්ත දේවගැතිවරයෙකි. මෙතුමා පේරාදෙනිය විශ්ව විද්‍යාලයේද ලන්ඩන් දේවධර්ම විද්‍යාලයේද (එක්සත් රාජධානිය) ෆුලර් දේවධර්ම ශාස්ත්‍රාලයේද (ඇමරිකාව) උපාධිධාරියෙකි. ඉංජිනේරු පසුබිමක් සහිත මෙතුමා කටුබැද්ද උසස් තාක්ෂණික විද්‍යාලයේද පසුව මොරටුව විශ්ව විද්‍යාලයේද දේශකයකු ලෙස කටයුතු කර ඇත. එතුමා ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාවේ සභාපතිවරයෙකු ලෙසද කටයුතු කර ඇත.
නාමල් වීරසිංහ
BTh
කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලයේ උපාධිධාරියෙකි. යෞවන කිතුමඟ සංවිධානයේ හි (YFC) වසර 24ක පුර්ණකාලීන සේවයේ නියැලි සිටින එතුමන් වර්තමානයේ තාරුණ්‍යය දිරිගැන්වීමේ සේවය භාරව කටයුතු කරනු ලබයි. උපදේශන කටයුතුවල නිරත වන අතර ඒ පිළිබඳ වැඩිදුර හදාරයි. එතුමන් ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාවේ ගිහි දේශකයකු ලෙසද කටයුතු කරයි.
ලක්මාල් විජේරත්න
BTh
කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලයේ උපාධිධාරියකු වන අතර මේ වන විට MAC අධ්‍යයන කටයුතු සිදු කරයි. ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි රෙපරමාදු සභාවේ සභාපාලකවරයකු ලෙස වසර 17ක් විවිධ පළාත්වල සේවය කර ඇත. වර්තමානයේ සභාවේ සේවා භාර උපසභාපති වේ.
ක්‍රිස්තුමනී චෙල්ලයියා
DipEng (Mech), BTh, MA
කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලයේ උපාධිධාරියෙකු වන මෙතුමා කැම්පස් කෘසේඩ් ආයතනයේ මුල්‍ය කළමනාකරු ලෙස ද සභා ස්ථාපනය කිරීමේ පෙරමුණේ සම්බන්ධීකාරකවරයා ලෙස ද සේවය කරයි. දිගු කාලයක් තිස්සේ පූර්ණකාලීන සේවයේ නියුතුව සිටින මෙතුමා වර්තමානයේ ගැළවීමේ හමුදාවේ සභාවේ අධ්‍යාපන සම්බන්ධීකාරක, සභාවන්හි ගෝලත්ව පුහුණුව ලබා දීම, දේශනා කිරීම, බයිබල් විදුහල්වල ඉගැන්වීම වැනි සේවාවන්හි නියැලෙමින් සිටී. ගැලවීම හමුදාව, කොම්පඤ්ඤ විදීය හි සාමාජිකයෙකි.
අජිත් ප්‍රනාන්දු
BSc, MDiv, ThM, DD
කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලයේ පාලක මණ්ඩලයේ ආරම්භක සභාපතිවරයාය. යෞවන කිතුමග ආයතනයේ ජාතික අධ්‍යක්ෂකවරයා ලෙස වසර 35ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති අතර වර්තමානයේ එම ආයතනයේ ඉගැන්වීම් භාර අධ්‍යක්ෂකවරයා ලෙස සේවය කරයි. මෙතොදිස්ත සභාවේ ගිහි දේශකයෙකු ලෙස ද කටයුතු කරයි. මෙතුමා ජාත්‍යන්තරව පිළිගත් දේශකයෙකු හා පොත් කතුවරයෙකි. සේවයට මග, නායකත්වයට මග, මිත්‍රත්වය යන කෘතීන් මෙතුමා විසින් ලියන ලදී.
කෝලිත දිසානායක
BSc, MA
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ උපාධියද කැලණිය විශ්වවිද්‍යාලයෙන් ක්‍රිස්තියානි අධ්‍යාපනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියද ලබා ඇත. මෙතුමා වයි-ග්‍රෝ ආයතනයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සඳහා උපදේශකයෙකු ලෙස ද විශ්වවිද්‍යාල ක්‍රිස්තියානි සිසුන්ගේ සහභාගිත්වයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උපදේශකයෙකු ලෙස ද වැඩ බලන මහලේකම් ලෙස ද කටයුතු කළේය. පේරාදෙණිය විශ්වවිද්‍යාල දෙව්මැදුරේ නේවාසික කුලාචාර්ය ලෙස සේවය කර ඇත. වැලිසර කිතුසෙවන දේවස්ථානයේ සභාපාලකවරයෙකු ලෙස ද සේවය කළ අතර කිතුසෙවන දේවස්ථානයේ ධර්මදූත පාසලේ ඉගැන්වූයේය. දැනට යෞවන කිතුමගහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි.
ගයත්‍රි ද අල්විස්
BTh, PgDip, MA (candidate)
කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලයේ උපාධිධාරිණියකි. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ උසස් ජාතික උපදේශනය පිළිබඳ ඩිප්ලෝමාවද උපදේශනය පිළිබඳ ඩිප්ලෝමාවද ලබා ඇත. කොළඹ විශ්වවිද්‍යාලයෙන් ළමා ආරක්ෂණය සහ අයිතිවාසිකම් පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ලබා ඇති ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියේ කටයුතුවල නියැලෙන්නීය. ඇය සුදුසුකම් ලත් උපදේශිකාවක් සහ අභිප්‍රේරණ කථිකයෙකි. නාරාහේන්පිට ජනතා දේව සභාවෙහි සාමාජිකාවකි.

Subscribe Newsletter

To get more updates subscribe to our newsletter
English