ශාස්ත්‍රීය

img

CTS තෝරාගන්නේ ඇයි?

දේව වචනය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට දෙවියන්වහන්සේ ඔබ පොළොඹවන සේක් ද? ජීවිතයේ අනේකවිධ සිඳුවීම් පිළිබඳ ගැඹුරින් සිතා බලන්නට ජීවත්වන වටාපිටාව ඔබ යොමු කරන්නේ ද? ක්‍රියාකාරී ලෙස සේවයේ යෙදෙන ඔබට දෙවියන් වහන්සේ හා උන්වහන්සේගේ මෙහෙය පිළිබඳ ගැඹුරට යෑමට ආත්මයාණන් වහන්සේ පොළඹවන සේක ද?

දෙවියන්වහන්සේ පිළිබඳ මනා අවබෝධයක් ලබා උන්වහන්සේ කැඳවන ස්ථානයක දේව මෙහෙවරේ යෙදීමට සැදීපැහැදී සිටින කිතුනුවකු නම් කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලය ඔබ සඳහා කදිම තෝතැන්නකි. කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලයේ අධ්‍යාපනය ලැබීමට පැමිණෙන ඔබට විවිධ නිකායන් නියෝජනය කරන සහෝදර ඇදහිලිවන්තයන් සමූහයක මිත්‍රශිලි සබඳතාවත්, දේව වචනයට හා දේව සෙනඟට කැප වූ විද්වත් ආචාර්ය මණ්ඩලයකින් ඉගෙන ගැනීමට හැකිය. පාවුල් තුමා පවසන පරිදී ඔබ “සැබෑවේ වචනය හරි ආකාර පහදා දෙන්නාවූ, ලජ්ජාවෙන්ට ඕනෑ නැත්තාවූ වැඩකාරයෙක්ව, දෙවියන්වහන්සේට ඒත්තු වුණාවු කෙනෙක් මෙන් වෙන්ට” (2 තිමොති 2:15) කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලය සුදුසුම ස්ථානයයි.

කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලයේ අපි ඔබ සාදරයෙන් පිළිගැනීමේ අපේක්ෂාවෙන් සිටින අතර, ඔබගේ දිවි ගමනේ කොටස් කරුවෙකු වීමට ලැබීම මහත් සතුටක් සේ සලකමු. තීරණයක් ගන්න. දියඹට පිහිනන්න. ගැඹුරටම යන්න.

පුවත් පත්‍රිකාවට දායක වන්න

To get more updates subscribe to our newsletter
සිංහල