මෙම පාඨමාලාව සකස් කොට ඇත්තේ සභා නායකත්ව සහ ළමා සේවයේ යෙදෙන්නන්ට දෙවියන්වහන්සේගේ දෘෂ්ඨියෙන් දරුවා දෙස බලමින් ළමයා වෙනුවෙන් කිතුනු සභාවේ වගකීම සහ ඔවුන් වෙනුවෙන් ධර්මදූත සේවය දියත් කිරීමේ කාලෝචිත අවශ්‍යතාවය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා දීමේ අපේක්ෂාවෙනි. බයිබලානුකූලව ළමුන්ට හිතැති දේවස්ථාන පසුබිමක් ගොඩනැගීම කාලීන අවශ්‍යතාවයකි. සාකල්‍ය ළමා සංවර්ධනය තුළින් ළමයා සභාව සහ ධර්මදූත සේවය අතර සම්බන්ධතාවයන් ගොඩනැගීම සඳහා මෙම පාඨමාලාව දියත්වනු ඇත. මෙම පාඨමාලාව තුළින් ළමයා සඳහා සභාවේ භූමිකාව වෙතද ගැඹුරින් අවධානය යොමු කෙරේ. එසේම දරුවන් සඳහා තිඛෙන සභා භූමිකාව තුළට ධර්මදූත සේවයෙහි ඇති අවශ්‍යතාවයත් ළමා මිතුරු දේවස්ථාන පසුබිමක් ගොඩනැගීමේ අවශ්‍යතාවයත් යන දෙපැතිකඩ වෙත පූර්ණ අවධානය යොමු කරයි.