CTS කථිකාචාර්ය මණ්ඩලය

img
අයිවෝ පූබාලන්
විදුහල්පතිය
BA (Hons), ThM, PhD
CTS හි විදුහල්පතිය. ලන්ඩන් දේවධර්ම පාසලෙන් (එක්සත් රාජධානිය) සහ ත්‍රිත්ව ඉවැන්ජලිකල් දේවත්ව විද්‍යාලයෙන් (ඇමරිකා එක්සත් ජනපදය, පරණ ගිවිසුම සහ සෙමිටික් භාෂාවන්ගෙන් ThM උපාධිය) උපාධි ලබා ගත්තේය. කේප්ටවුන් විශ්ව විද්‍යාලයේ (දකුණු අප්‍රිකාවේ) ආගමික අධ්‍යයන පිළිබඳ ආචාර්ය උපාධිය ඔහුට හිමි විය. ඔහු කොල්ලුපිටිය මෙතෝදිස්ත පල්ලියේ නායකයෙකු වන අතර සබත් පාසලේදී අවුරුදු 13-17 වයසේ අයට දේශනා කිරීම, තරුණයින්ගේ මඟ පෙන්වීම සහ ඉගැන්වීම තුළින් මූලික වශයෙන් දේවසේවකයන් වේ. ඔහු ලෝසෑන් ව්‍යාපාරයේ දේවධර්ම ක්‍රියාකාරී කණ්ඩායමේ සම සභාපති ලෙස කටයුතු කරයි.
රවින් කල්දේරා
පීඨාධිපතිය
DipAgri, BTh, BA, MA
CTS හි පීඨාධිපතිය. කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලයේ හා විවෘත විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි. ඩලස් දේවධර්ම ශාස්ත්‍රාලයෙන් බයිබලීය අධ්‍යාපනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ඇති හෙතෙම අවුරුදු ගණනාවක පුරෝගාමි සභාරෝපණ සේවයේ අත්දැකීම් ඇත්තෙකි. පුරාතන මැදපෙරදිග හා බයිබලයේ භූගෝලය පිළිබඳ අවබෝධය නිසා ලංකාවේ ප්‍රකාශනයන්හි සිතියම් නිර්මාණය සඳහා සම්පත් දායකයකු ලෙස කටයුතු කොට ඇත. ජීවමාන ක්‍රිස්තු සභාවේ දේවගැතිවරයෙකි.
මනෝ ඉමෑනුවෙල්
ශාස්ත්‍රීය ප්‍රවර්ධන අංශාධිපතිය
FCCA, BTh, MA, PhD
CTSහි ශාස්ත්‍රීය ප්‍රවර්ධන අංශාධිපතිය. ලන්ඩන් දේවධර්ම පාසලේ (එක්සත් රාජධානියේ) උපාධිධාරිනියකි. ආසියා උපාධි දේවධර්ම පාසලෙන් (පිලිපීනය) ඇයට සාම අධ්‍යයනය පිළිබඳ ආචාර්ය උපාධියක් පිරිනමන ලදී. මෙතෝදිස්ත දේවස්ථානයේ ප්‍රාදේශීය දේශකාවකි. ඇදහිල්ලට අවබෝධය : ක්‍රිස්තියානි ධර්මයට හැඳින්වීමක්හි කතුවරියයි. පෙර, CTS හි පීඨාධිපතිය. ඇයගේ පෙර වෘත්තිය ලන්ඩනයේ වෙස්ට් එන්ඩ් හි ගණකාධිකාරිවරියක ලෙස ය.
ජේසන් සෙල්වරාජ්
BTh
කයිතාඩ් එසෙම්බ්ලි ඔෆ් ගෝඩ් සභාවේ ජ්‍යෙෂ්ඨ දේවගැතිවරයාය. මෙතුමා සරලව බලමුලු ගැන්වීමේ ශ්‍රී ලංකා ජාතික සම්බන්ධීකරණ කණ්ඩායමේ සාමාජිකයෙකු වන අතර සිවිල් අයිතිවාසිකම් සංවිධානයක් වන යාපනය දිස්ත්‍රික්කයේ රාජ්‍ය නොවන සංවිධාන කවුන්සිලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකි.
ඊන්ස්ටීන් ප්‍රනාන්දු
HND (Counselling), BTh, PgDip (BAPC)
කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලයේ උපාධිධාරියෙකි. කිතුසෙවණ සේවයේ දේවගැතිවරයෙකු ලෙස ද ගෝලත්ව මධ්‍යස්ථානයේ ගුරුවරයෙක් හා උප විදුහල්පතිවරයෙක් ලෙස ද කටයුතු කර තිබේ. උපදේශන කටයුතුවල නිරත වන අතර ශ්‍රී ලංකා පදනම් ආයතනයෙන් උසස් ජාතික උපදේශන ඩිප්ලෝමාව ලබාගත්තේය.
සනත් අතුකෝරාළ
BSc, BTh, MA, PhD
CTS හි අධ්‍යාත්මික ගොඩනැගීම් සම්බන්ධිකාරකය. කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලයේ උපාධිධාරයෙකු වන මෙතුමා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජෛව විද්‍යාව පිළිබඳ උපාධියද, ටෝච් ට්රිනිටි විශ්වවිද්‍යාලයේ ක්‍රිස්තියානි අධ්‍යාපනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය (2007) සහ අධ්‍යාපන අධ්‍යයනය පිළිබඳ ආචාර්ය උපාධිය (2020) ද ලබා ඇත. ඔහුට වසර 20 කටත් වැඩි දේව සේවයේ හා ඉගැන්වීමේ සේවයේ පළපුරුද්දක් ඇති අතර මෙතුමා සියලු ජාතීන්ගේ සභාවේ සාමාජිකයෙකි.
දිලිප් ගුණවීර
BTh
කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලයේ උපාධිධාරියෙකි. එසේම කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලයේ රජරට දුරස්ථ අධ්‍යාපන පීඨයේ සම්බන්ධීකාරක ලෙස ද කටයුතු කරයි. වසර 13 ක කාලයක් කල්වාරි දේවස්ථානයේ සභාපාලක සේවයේ අත්දැකීම් ඇත. වර්තමානයේ අනුරාධපුර ලංකා දේව සභාවේ ගිහි දේශකයෙකු සහ නායකයෙකු ලෙස ද සේවය කරන්නේය.
ජෝන්සන් සන්ද්‍රසේගර්
BTh
කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලයේ උපාධිධාරියෙකි. ජොන්සන් වසර ගණනාවක් සහායක පීඨ සාමාජිකයෙකු ලෙස සේවය කර ඇති අතර CTSහි දෙමළ මාධ්‍ය තුළ පුළුල් ලෙස ඉගැන්වීය. වසර 20කටත් වැඩි කාලයක් සියොන් කන්දේ කූඩාරම සභාවේ ප්‍රධාන සභාපාලකවරයා වන අතර කොරියාවේ ජාත්‍යන්තර දේවධර්ම විද්‍යාලයේ පරණ ගිවිසුමේ සහ අලුත් ගිවිසුමේ ක්‍රිස්තියානි ආගම පිළිබඳ සහතිකය ලබා ඇත. මෙතුමා උතුරු කොළඹ උතුරු පළාත් සභාවේ මහලේකම්වරයා ලෙස ද කටයුතු කරයි.
රාජාරාම් හරිහරන්
BTh, MMin
CTS හි දුරස්ථ පීඨ කළමනාකරුය. සිංගප්පූරුවේ ත්‍රිත්ව දේවධර්ම විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියක් ලබා ඇති ඔහු සිවිල් යුද්ධය පුරාම උතුරු පළාතේ ජීවත් වී YFC හි ත්‍රෛභාෂා සේවය තුළ වැඩ කිරීමේ මහත් අත්දැකීමක් ලබා දෙයි.
නතැනියෙල් සෝමනාදන්
BEng, MA
වීට්න් විද්‍යාලයේ (ඇමරිකාව) ඓතිහාසික දේවධර්මය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධරයෙකු වන අතර වර්තමානයේ දෙහිවල ක්‍රිස්තියානි පිබිදීමේ දේවස්ථානයේ සහකාර සභාපාලකවරයා ලෙස සේවය කරයි. එතුමාගේ ඉලක්කය ඵලදායී සේවය සඳහා සභා නායකයන් පුහුණු කිරීම සහ සන්නද්ධ කිරීම මෙන්ම දේවධර්මීය සාකච්ඡා සහ සම්මන්ත්‍රණ සඳහා පහසුකම් සැලසීමය. වර්තමානයේ බර්මින්හැම් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබා ගැනීමේ නිරතව සිටී.
බර්නාඩ් කොස්තා
BTh, MDiv
CTS හි ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවේ සම්බන්ධිකාරකය. ඉන්දියාවේ COTR දේවධර්ම ශාස්ත්‍රාලයේ, පිලිපීනයේ ජාත්‍යන්තර උපාධි විද්‍යාලයේ උපාධිලාභියකි. ලංකා බයිබල් විද්‍යාලයේ උපාධි අධ්‍යයන මධ්‍යස්ථානයේ පීඨාධිපති ලෙස සේවය කළ මෙතුමා වර්තමානයේ විවිධ වූ මට්ටම්වල සභා නායකත්වය ගොඩනැගීමෙහි යෙදී සිටින්නේය. කල්වාරි දේවස්ථානයේ සාමාජිකයෙකි.
ජූලියන් දේවදාසන්
BTh, MDiv
දකුණු කොරියාවේ ACTS හි උපාධිධාරියෙකි. ඔහු Ambassadors for Christ International හි සේවා සහකරුවෙකි. හලාවත ශාන්ත ජේම්ස් දේවස්ථානයේ සාමාජිකයෙකු වන ජූලියන් හග්ගයි ජාතික පහසුකම් සපයන්නෙකු වන අතර ලංකා සභාවේ කොළඹ දියෝකිසියේ ක්‍රිස්තියානි අධ්‍යාපන මණ්ඩලයේ විධායක කමිටුවේ සාමාජිකයෙකුද වේ.

අතිරේක/බාහිර කථිකාචාර්යවරු

ජී. පී. වී. සෝමරත්න
BA, MA (Missiology), MA (Theology), PgDip (Demography), PhD
කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලයේ හිටපු පර්යේෂණ අංශ භාර මහාචාර්යතුමාය. විපුල ඵලැති ගවේෂකයෙකු හා අධ්‍යාපනික පොත් සහ ලිපිවල කර්තෘවරයෙකි. මෙතුමා කොළඹ විශ්ව විද්‍යාලයේ නුතන ඉතිහාසය පිළිබඳ මහාචාර්ය ධුරය හෙබවූ අතර යෙරුසලමේ හෙබ්‍රෙව් විශ්ව විද්‍යාලයේ ටෘමන් ආයතනයේ ද, ලී විශ්ව විද්‍යාලයේ සහ ෆුලර් දේවධර්ම ශාස්ත්‍රාලයේ බාහිර කථීකාචාර්යවරයෙකු ලෙස ද සේවය කර ඇත. කාණ්ඩ හතකින් සමන්විත ශුද්ධ බයිබලයේ විශ්වකෝෂයේ කර්තෘවරයාය.
ක්‍රිස්නි එදිරිසිංහ
BTh, MA (candidate)
CTS හි සම්බන්ධිකාරක: ළමා සේවා ක්ෂේත්‍රය. කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලයේ උපාධිධාරිණියකි. විසිවසරකට ආසන්නව ඉරුදින පාසල් හා පෙරපාසල් ගුරුවරියක් වශයෙන්ද අනතුරුව “ශ්‍රී ලංකා ළමා ධර්මදාන සහභාගිත්වයේ” (CEF) මොරටු ශාඛාවේ අධ්‍යක්ෂිකාව ලෙසද සේවය කර ඇත. ඇය පිලිපීනයේ ආසියා-ශාන්තිකර නසරීන දේවධර්ම ශාස්ත්‍රාලයේ (APNTS) සාකල්‍ය ළමා සංවර්ධනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියේ අවසාන පර්යේෂණ නිබන්ධනයේ කටයුතුවල නියැලෙන්නීය.
විමලසේන ජයලත්
BTh, LDD, MA
කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලයේ උපාධිධාරියෙකි. සිව්චතුරාස්‍ර සභාවේ මධ්‍යම පළාතේ වැඩ බලන දේවගැතිවරයා ලෙස ද එම සභාවේ කමිටු සාමාජිකයෙකු හා කිතුනු අධ්‍යාපන අංශයේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස ද සේවය කරයි.
චමිලා සුභාෂ් රණසිංහ
HND (Counselling), BTh
කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලයේ උපාධිධාරිණියකි. වසර 8ක කාලයක් සභාපාලිකාවක් ලෙස සේවයේ නිරතව සිටි අතර, පසුව ජීවිතාලෝක ආයතනයේ සිංහල සේවා කළමණාකාරිනිය වශයෙන්ද කටයුතු කරන ලදි. රූපවාහිනි සහ ගුවන්විදුලි කිතුනු වැඩසටහන් නිෂ්පාදිකාවක් සහ නිවේදිකාවක් වන අතර කිතුනු ලිපි හා පොත්පත් ලේඛිකාවක්ද වෙයි. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ උපදේශනය පිළිබඳ ජාතික ඩිප්ලෝමාව ද (NDC) උසස් ජාතික ඩිප්ලෝමාව ද (HND) ලබා ඇත. මෙතෝදිස්ත සභාවේ ගිහි දේශිකාවකි.
මහින්ද මුණසිංහ
BTh, MA
කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලයේ උපාධිධාරියකු වන අතර කැම්පස් කෘසෙඩ් ෆොර් ක්‍රයිස්ට් සහ නැවිගේටර්ස් ආයතනයන් හි දිගු කලක් සේවය කර ඇත. පිලිපීනයේ ජාත්‍යන්තර නායකත්ව පිළිබඳ විද්‍යාලයේ (IGSL) පරිවර්තනාත්මක නායකත්වය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ඇත. මෙතෝදිස්ත සභාවේ ගිහි නායකයෙක් සහ පුර්ණ ගිහි දේශකයෙක් ලෙස සේවය කරන අතර වර්තමානයේ ගෝලයන් ගොඩනැගීමේ සේවාවේ නියුක්තව සිටි.
සරත් ද සිල්වා
BTh, MDiv
කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලයේ දේවවේදි උපාධීයද, නායකත්වය පිළිබඳ ජාත්‍යන්තර උපාධි විද්‍යාලයේ (IGSL–Philippines) ශාස්ත්‍රපති උපාධියද ලබා ඇත. වසර 30කට අධික කාලයක් පුරා විවිධ සේවා කෙෂ්ත්‍රවල පුළුල් අත්දැකීම් ඇති, වර්තමානයේ ඌව, නැගෙනහිර හා බස්නාහිර යන පළාත්හි බොහෝ පුරෝගාමි සේවකයින්ගේ මිත්‍රෝපදේශයෙකු (Mentor) ලෙස කටයුතු කරයි. තවද පීඩා විඳින සභාවන් වෙනුවෙන් සේවය කරන නිව් හාර්වෙස්ට් ෆවුන්ඩේෂන් ආයතනයේ ජාතික අධ්‍යක්ෂක වශයෙන් ද කටයුතු කරයි. ජීවමාන ක්‍රිස්තු සභාවේ දේවගැතිවරයෙකි.
ප්‍රබෝ මිහිඳුකුලසූරිය
PgDipM (CIM), MA, PhD
වැන්කූවර්හි රීජන්ට් විද්‍යාලයේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වේ. කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලයේ හිටපු උප විදුහල්පතිය. එතුමාගේ ආචාර්ය උපාධි නිබන්ධනය වූයේ බ්‍රිතාන්‍ය ක්‍රිස්තියානි මානුෂීයත්වය සහ ශ්‍රී ලාංකේය නිදහස් ව්‍යාපාරය සම්බන්ධවය. ගුරුවරයෙකු ලෙස එතුමා උත්සාහ දරන්නේ ඉතිහාසය සහ දේවධර්මය යන කෙෂ්ත්‍ර තුළින් වෙළඳපොළ, ශාස්ත්‍රීය ලෝකය සහ ප්‍රජා ජීවිතය තුළ දේව රාජ්‍යය වෙත යොමුවූ ගෝලත්වය පෝෂණය කිරීම ය.
ෂර්ලි ෆේබර්
BTh
ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි රෙපරමාදු සභාවේ හසල අත්දැකිමක් ඇති දේවගැතිවරයකු මෙන් ම, වර්තමානයේ මහා නායකතුමන් ද වෙයි. ලංකා බයිබල් විද්‍යාලයේ උපාධිධාරියෙකි. කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලයේ පාලක මණ්ඩලයේ (හිටපු) සාමාජිකයෙකි.
නාමල් වීරසිංහ
BTh
කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලයේ උපාධිධාරියෙකි. යෞවන කිතුමඟ සංවිධානයේ හි (Youth For Christ) වසර 24ක පුර්ණකාලීන සේවයේ නියැලි සිටින එතුමන් වර්තමානයේ තාරුණ්‍යය දිරිගැන්වීමේ සේවය භාරව කටයුතු කරනු ලබයි. උපදේශන කටයුතුවල නිරත වන අතර ඒ පිළිබඳ වැඩිදුර හදාරයි. එතුමන් ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාවේ ගිහි දේශකයකු ලෙසද කටයුතු කරයි.
දුලිප් ප්‍රනාන්දු
BSc (Eng), BD, ThM
විශ්‍රාමික මෙතෝදිස්ත දේවගැතිවරයෙකි. මෙතුමා පේරාදෙනිය විශ්ව විද්‍යාලයේද ලන්ඩන් දේවධර්ම විද්‍යාලයේද (එක්සත් රාජධානිය) ෆුලර් දේවධර්ම ශාස්ත්‍රාලයේද (ඇමරිකාව) උපාධිධාරියෙකි. ඉංජිනේරු පසුබිමක් සහිත මෙතුමා කටුබැද්ද උසස් තාක්ෂණික විද්‍යාලයේද පසුව මොරටුව විශ්ව විද්‍යාලයේද දේශකයකු ලෙස කටයුතු කර ඇත. එතුමා ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාවේ සභාපතිවරයෙකු ලෙසද කටයුතු කර ඇත.
සුරංග අතුකෝරාළ
ADCN, DIM, BTh
කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලයේ උපාධිධාරියෙකු වන අතර, හිටපු තොරතුරු තාක්ෂණ කළමනාකරු හා සහකාර පුස්තකාලයාධිපතිවරයාය. ජනතා දේවසභාවේ ප්‍රාදේශීය නායකයෙකු ලෙස සේවය කරන අතර පාලන මණ්ඩලයේ පරිපාලන කමිටුවේ සභාපති ධුරයද දරයි. එලෙසම දේව සභා සංගමයේ (එසෙම්බ්ලි ඔෆ් ගෝඩ්) අක්තපත්‍රධාරියෙක් වන හෙතෙම වර්තමානයේ ජීවිතාලෝකය හි උපදේශක/පරිපාලක සහ මානව සම්පත් කළමනාකරු වශයෙන්ද කටයුතු කරන්නේය. කිතු බැති ගී දැහැන සිංහල ගීතිකා කෝඩ් ඇප් හා වෙබ් සේවය මොහුගේ නිර්මාණයි.
මධු මිහිරි ප්‍රනාන්දු
Dip MME, BA, MA
කැලණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරිණියකි. වසර විසි දෙකක් කොළඹ බිෂොප් විදුහලේ ගුරුවරියක් ලෙස සේවය කරමින් උපදේශකවරියක් ලෙසද කටයුතු කරයි. ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය නාලිකා හි වැඩසටහන් මෙහෙය වන්නියක් වන අතර කිතුනු ගුරු පුහුණු උපදේශකවරියක් ලෙසද සේවය කරයි. ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාවේ සම්පූර්ණ ගිහි දේශිකාවකි.
පත්මසීලි ගුණතිලක
BA, MA
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව හා මානව විද්‍යාව පිළිබඳ විශේෂ උපාධි හැදෑරූ උපාධිධාරිනියක් වන අතර, පිලිපීනයේ ජාත්‍යන්තර උපාධි විද්‍යාලයේ ද උපාධිධාරිනියකි. ශ්‍රී ලංකා කැම්පස් කෘසේඩ් ආයතනයේ වසර 14ක කාලයක් ගෝලයන් ගොඩ නැගීම සහ නායකයන් පුහුණු කිරීමේ සේවය තුළ ද නිරතවිය. ශ්‍රී ලංකා බයිබල් සංගමය සමග වසර 8ක පමණ කාලයක්; කම්පනයට පත් දරුවන්, නවයොවුන් දරුවන් හා වැඩිහිටියන් සුවපත් කිරීමේ ප්‍රධාන පහසුකම් සලස්සන්නෙක් ලෙස ද සේවය කර අත්දැකිම් ලැබූවෙකි.
ලක්මාල් විජේරත්න
BTh
ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි රෙපරමාදු සභාවේ සභාපාලකවරයකු ලෙස වසර 17ක් විවිධ පළාත්වල සේවය කර ඇත. වර්තමානයේ සභාවේ සේවා භාර උපසභාපති වේ. කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලයේ උපාධිධාරියකු වන අතර මේ වන විට MAC අධ්‍යයන කටයුතු සිදු කරයි.

පුවත් පත්‍රිකාවට දායක වන්න

තවත් යාවත්කාලීන කිරීම් ලබා ගැනීම සඳහා අපගේ පුවත් පත්‍රිකාවට දායක වන්න
සිංහල