අප ගැන

img

අපගේ මෙහෙවර

දේව වචනයෙහි මුල් බැස, ශුද්ධාත්මයාණන් වහන්සේගෙන් පිරී, කිතුනු චරිතයෙහි පරිණත, උසස්ම ශාස්ත්‍රීය ප්‍රමිතීන් අනුව දේවගැති සේවයෙහි නිපුණ පුරුෂයන් හා කාන්තාවන් පුහුණු කිරීමටත්, ගුණාත්මක භාවයෙන් සපිරි කිතුනු සම්පත් නිර්මාණය කිරීමටත්, දෙවියන්වහන්සේ කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලය කැඳවා ඇත.

CTS හි සුවිශේෂී ලක්ෂණය වන්නේ සභාවල සහ සංවිධානවල සමස්ත නායකත්වය සන්නද්ධ කිරීමයි. දේවසේවයේ, ධර්මදූත මෙහෙවර ක්‍ෂේත්‍රයේ හෝ අවශ්‍යතා ඇති තැන්වල පුද්ගලයන් ක්‍රිස්තුස්වහන්සේට සේවය කළත්, යේසුස්වහන්සේ උදෙසා ඵලදායී වීමට කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලය ඔවුන්ට බලය ලබා දෙයි.

අපගේ ගුරු මණ්ඩලය ජීවිත කාලය පුරාම ඉගෙනගන්නවුන් වන අතර අපගේ ශිෂ්‍යයන්ද එලෙසම වන ලෙස අපි ඔවුන් දිරිගන්වන්නෙමු

අපගේ ප්‍රාදේශීය අධ්‍යයන මධ්‍යස්ථාන

කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලය ආරම්භයේ සිටම සැලකිල්ල යොමු කළ වැදගත් අංගයක් වූයේ දිවයින පුරා විසිරී සිටින හැකියාව සහිත සිසුන්ට වඩාත් පහසුවෙන් ලබා ගත හැකි ආකාරයට අධ්‍යයන පාඨමාලා ඉදිරිපත් කිරීමයි.

ඒ සම්බන්ධයෙන් වූ ජ්වලිතය සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන් උපාධිය ලබා දීමේ ත්‍රෛභාෂා සෙමනේරියක් ආරම්භ කිරීමේ තීරණයේ දක්වා වර්ධනය විය. එහිදී දේශීය හා සන්දර්භගත මෙහෙවර සම්පූර්ණ කිරීමෙහි ලා සභාවෙහි වගකීම ඉටුකිරීමේ දැක්ම මෙන්ම ස්වභාෂාවෙන් සේවය කළ හැකි ගුරුවරුන්, දේශකයින් සහ දේවධර්මවේදීන්ගෙන් සභාවට සම්පත් සැපයීමේ අරමුණ පැවතිණි.

අද, කොහුවල පරිශ්‍රයේ පිහිටි කැම්පස් එක හැරුණු විට, පළාත් පහක ප්‍රාදේශීය අධ්‍යයන මධ්‍යස්ථාන 9 ක CTS වැඩසටහන් සඳහා ප්‍රවේශ විය හැකිය.

Provincial Study Centres Course Catalogue 2023 - Sinhala

Provincial Study Centres Course Catalogue 2023 - Tamil

Colombo Theological Celebrates 25 Years of Fruitful Service
ජීවිතය සඳහා මුල් බැස ඇත

ඒ සියල්ල ආරම්භ වූයේ මීට වසර 25 කට පෙරය. කිතුනු පුරුෂයන් සහ ස්ත්‍රීන් පිරිසකගේ හදවත්වල හා මනසෙහි දෙවියන් වහන්සේ බීජයක් රෝපණය කළ විට ඔවුන් සිහින මැව්වේ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවෙන් බයිබල් අධ්‍යාපනයක් ලබා දුන් කොළඹ පිහිටි ශාස්ත්‍රාලයක් පිළිබඳවය. ජීවිතයේ තත්වය කුමක් වුවත්, සියලු පසුබිම් හා නිකායන් තුළ සිටින දෙවියන් වහන්සේගේ සියලු ජනයාට විවෘතය.

කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලය වසර 25 ක ඵලදායී සේවය සමරයි

පුවත් පත්‍රිකාවට දායක වන්න

To get more updates subscribe to our newsletter
සිංහල