පිළිගැනීම

දෙවියන්වහන්සේට සේවය කිරීමට උනන්දුවක් දක්වන කිතුනුවන් CTS හි ඉගෙනීමට හෝ CTS හි හවුල්කරුවෙකු වීමට සලකා බැලිය යුතු ප්‍රධාන හේතුවක් වන්නේ අපගේ විශ්වසනීයත්වයයි. ශාස්ත්‍රාලය මේ වන විට වසර විසි පහක් සම්පූර්ණ කර ඇත.

  • දේවධර්ම අධ්‍යාපනය සඳහා ලෝකයේ විශාලතම පිළිගැනීමේ නියෝජිතායතනය වන ආසියානු දේවධර්ම සංගමය (ATA) විසින් අපගේ සෑම පාඨමාලාවක්ම පිළිගෙන ඇත. 
  • අපි ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි ධර්මදාන සන්ධානයේ (NCEASL) සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයේ (NCCSL) සාමාජිකයෝ වෙමු. මෙම ආයතන දෙකෙහිම ප්‍රධාන කවුන්සිලයේ CTS සේවය කරයි.
  • ජාත්‍යන්තර විදේශීය මණ්ඩලය සහ විශාරද නායකයින්ගේ මූලිකත්වයෙන් පැවති VSI (අත්‍යවශ්‍ය තිරසාර මුලපිරුමෙහි) සමුළුවට සහභාගි වීම පිණිස වර්ෂ 2015දී, 200කට ආසන්න දේවධර්ම විද්‍යාල අතුරින් කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලය තෝරාගනු ලැබිණි.
  • CTS ආචාර්ය මණ්ඩලය ක්‍රිස්තියානි සම්ප්‍රදායන් සහ අත්දැකීම්වලින් විවිධත්වයක් පෙන්නුම් කළ නමුත් බයිබලයානුකුල සත්‍යය සහ විශ්වාසවන්තකම කෙරෙහි උද්‍යෝගිමත් කැපවීමකින් ඒකාකාරී ලෙස කටයුතු කරයි.