ශාස්ත්‍රපති (MA) | පශ්චාත් උපාධි ඩිප්ලෝමාව

සභාව සඳහා ගුරුවරුන්, ලේඛකයින්, උපදේශකයින් සහ පර්යේෂකයන් සන්නද්ධ කිරීම සඳහා නිර්මාණය කර ඇත

මාධ්‍යය: ඉංග්‍රීසි

CTS ශාස්ත්‍රපති (MA) වැඩසටහන සැලසුම් කර ඇත්තේ දේශීය සිසුන්ට ශාස්ත්‍රපති මට්ටමේ අධ්‍යාපනය හැදෑරීමට රට හැර යාම, රැකියාව හෝ දේව සේවය අත්හැරීමකින් තොරව ජාත්‍යන්තර විද්වත් ප්‍රමිතීන්ගෙන් ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව ලබා දීම සඳහා ය. පාඨමාලා සඳහා ඉහළ මට්ටමේ කැපවීමක් සහ දැඩි වැඩ කාල පරිච්ඡේද අවශ්‍ය වුවද ඒවා සැලසුම් කර ඇත්තේ වර්තමාන ක්‍රියාශීලී කිතුනුවන් මනසේ තබාගෙනය. සතියේ දිනවල සවස සහ සෙනසුරාදා දිනවල පන්ති පැවැත්වෙන අතර, වසරේ ඕනෑම වේලාවක සිසුන්ට ඇතුළත් විය හැකිය.


විශේෂිත පථ

ශාස්ත්‍රපති/පශ්චාත් උපාධි ඩිප්ලෝමාව (MA/PGDip) | බයිබල් අධ්‍යයනය

මෙම පථය ශිෂ්‍යයාට බයිබලයානුකුල සහ ඒ ආශ්‍රිත ග්‍රන්ථවල අර්ථ නිරූපණය සඳහා විවිධ ක්‍රමවේදී ප්‍රවේශයන් පිළිබඳ පැහැදිලි අවබෝධයක් වර්ධනය කර ගැනීමටත්, නිශ්චිත පාඨවලට විශේෂිත අර්ථ විවරණ ක්‍රම යෙදීමේ යෝග්‍යතාවය පැහැදිලිව තක්සේරු කිරීමටත්, බයිබල් අධ්‍යයනය සඳහා පවතින විවිධ මෙවලම් භාවිතයේ ප්‍රවීණ වීමටත් අවස්ථාව ලබා දෙයි. වැඩි විස්තර සඳහා


ශාස්ත්‍රපති/පශ්චාත් උපාධි ඩිප්ලෝමාව (MA/PGDip) | අන්තර් සංස්කෘතික අධ්‍යයනය

මෙම පථය ශිෂ්‍යයාට දූතනවේදී න්‍යාය සහ ප්‍රත්‍යාවේක්ෂණය සඳහා බයිබලයානුකුල හා දේවධර්මීය පදනමක් වර්ධනය කිරීමට, අර්ථ විවරණ සංස්කෘතිය අවබෝධ කර ගැනීමට සහ ඉගෙන ගැනීමට, මානව විද්‍යාත්මක න්‍යායන් සහ අන්තර් සංස්කෘතික සන්නිවේදනයට අදාළ ගැටලු පිළිබඳව තම සේවයේ සන්දර්භය පිළිබඳ විශේෂ ප්‍රත්‍යාවේෂණයක් සමඟ හුරු වීමට අවස්ථාව ලබා දෙයි. වැඩි විස්තර සඳහා


ශාස්ත්‍රපති (MA) | උපදේශනය

කිතුනුවන් දක්ෂ උපදේශකයන් වීමට පුහුණු කිරීම සඳහා නිර්මාණය කර ඇති අතර, ඔවුන්ට හට පහත දැක්වෙන කුසලතා වර්ධනය කරගැනීමට උපකාරී වනු ඇත:

උපදේශනය: විවිධ, සායනික, අධ්‍යාපනික සහ සේවක සැකසුම් තුළ ඵලදායී උපදේශන සැපයීම සඳහා ක්‍රිස්තියානි ඇදහිල්ල සහ යාවත්කාලීන උපදේශන න්‍යායන් ඒකාබද්ධ කිරීම.

අධ්‍යාපනය: අන් අය පුහුණු කිරීමෙන් - විශේෂයෙන්ම සිංහල සහ දෙමළ භාෂා ක්‍රිස්තියානි උපදේශකයින්.

ලිවීම: සම්බන්ධතා සහ චිත්තවේගීය සුවය සහ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීමට උපකාර වන ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ භාෂාවෙන් බයිබලය මත පදනම් වූ, සන්දර්භයට අදාළ සම්පත් වන පොත්පත් නිෂ්පාදනය කිරීමෙන්. වැඩි විස්තර සඳහා