උපාධි ප්‍රදානෝත්ස්වය 2019

කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලය සිය 12 වන උපාධි ප්‍රදානෝත්ස්වය ස්තුති හා බලය පැවරීම සමරනු ලැබීය.

2019 ජූලි 13 වන දින කොළඹ 3 මෙතෝදිස්ත විද්‍යාල ශ්‍රවණාගාරයේදී සමරනු ලැබූ අතර CTS සේවයේ වසර විසිපහක් සැමරීම හා සමපාත වූ හෙයින් මෙම අවස්ථාව වඩාත් වැදගත් විය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ CTS හි ආරම්භක සභාපති සහ යෞවන කිතුමගහි ඉගැන්වීම් අධ්‍යක්ෂවරයා වන අජිත් ප්‍රනාන්දු ය. 2019 උපාධිලාභීන් තිස් හත් දෙනෙකුගෙන් සමන්විත විය. ක්‍රිස්තියානි අධ්‍යයන සහතිකය දහහතර දෙනෙකුට ද, තිදෙනෙකුට උපදේශනය පිළිබඳ උසස් සහතිකය ද, එක් දේවධර්ම ඩිප්ලෝමාවක් ද, දහසය දෙනෙකුට දේවධර්ම උපාධිය ද, කලා ශාස්ත්‍රපති (බයිබල් අධ්‍යයන) තිදෙනෙකු ද පිරිනමන ලදී. වර්තමාන සහ හිටපු මණ්ඩල සාමාජිකයින්, ආචාර්ය මණ්ඩලය හා කාර්ය මණ්ඩලය, සිසුන්, ආදි ශිෂ්‍යයින්, නිකායික ප්‍රධානීන් සහ නියෝජිතයන් සහ සුභ පතන්නන් උපාධිධාරී පන්තියට එක් වූයේ වසර ගණනාවක් පුරා දෙවියන්වහන්සේගේ විශ්වාසවන්තකම වෙනුවෙන් ස්තූති කිරීමට සහ ලෝකය තුළ දේවරාජ්‍යයේ සේවය කිරීම සඳහා නැවත කැපවීමේ ක්‍රියාවට සහභාගී වීමට ය. සිසුන් දහසකට අධික සංඛ්‍යාවක් සහ ආදි ශිෂ්‍යයින්, පළාත් 5 ක අධ්‍යයන මධ්‍යස්ථාන සහ වැදගත් ප්‍රකාශන සියයකට අධික සංඛ්‍යාවක් ඇති CTS ශ්‍රී ලංකාවේ සභාවට සේවය කරන්නේ ඇදහිල්ලෙන් ශක්තිමත් වීමටත්, මෙහෙවරේ හා දේවසේවයේ ඵලදායී වීමටත් ය.

අදහසක් දක්වන්න