අවුරුදු 25 සැමරීම

කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලය සිය 25 වන සංවත්සරය 2019 මැයි 25 වන දින එසෙම්බ්ලි ඔෆ් ගෝඩ් දේව සභාවේ සමරනු ලැබුවේ ස්තුති දීමේ දේවමෙහෙයක් සමඟිනි.

වර්තමාන සහ හිටපු පාලක මණ්ඩල සාමාජිකයින්, ආචාර්ය මණ්ඩලය හා කාර්ය මණ්ඩලය, සිසුන්, ආදි ශිෂ්‍යයින්, නිකායික ප්‍රධානීන් සහ නියෝජිතයින් සහ සුභ පැතුම් එක්කරන්නන් දෙවියන්වහන්සේට ස්තූති කිරීමට සහ පසුගිය වසර 25 තුළ CTS හි සන්ධිස්ථාන රැසක් සැමරීමට එක්විය. මෙම උත්සවය දේව වචනයේ ප්‍රමුඛතාවය වෙනුවෙන් කැප වූ, සියලු නිකායන්ට, සෑම භාෂාවකින්ම සේවය කිරීමට ස්ථානගතවූ ශාස්ත්‍රාලයක් පිළිබඳව සිහින මැවූ CTS හි ධෛර්ය සම්පන්න නිර්මාතෘවරුන්ට බුහුමන් දැක්විණි. සිසුන් දහසකට අධික සංඛ්‍යාවක් සහ ආදි ශිෂ්‍යයින්, පළාත් 5 ක අධ්‍යයන මධ්‍යස්ථාන සහ වැදගත් ප්‍රකාශන සියයකට අධික සංඛ්‍යාවක් ඇති CTS ශ්‍රී ලංකාවේ සභාවට සේවය කරන්නේ ඇදහිල්ලෙන් ශක්තිමත් වීමටත්, මෙහෙවරේ හා දේවසේවයේ ඵලදායී වීමටත් ය.

අදහසක් දක්වන්න