කොරෝන වයිරස් ලෝකයක දෙවියන් සිටින්නේ කොහේද?

ජෝන් සී ලෙනොක්ස් ගේ මෙම කාලෝචිත ග්‍රන්ථය දැන් සිංහල හා දෙමළ භාෂාවෙන්

‘අප ජීවත් වන්නේ අද්විතීය, යුගයක් නිර්වචනය කරන කාල පරිච්ඡේදයක් තුළ ය. ලෝකය පිළිබඳ අපගේ දෘෂ්ටිය සහ අපගේ විශ්වාසයන් කුමක් වුවත් අපගේ පැරණි නිශ්චිතතාවන් බොහොමයක් ඉවත්ව ගොස් ඇත. කොරෝනා වයිරස් වසංගතය සහ එහි බලපෑම් අප සැමට ව්‍යාකූල සහ නොසන්සුන් ය. අප එය සිතා බලා එය සමඟ කටයුතු කරන්නේ කෙසේද?’

ඔක්ස්ෆර්ඩ් ගණිත මහාචාර්ය ජෝන් සී ලෙනොක්ස් කොරෝනා වෛරසය විවිධ විශ්වාස පද්ධති අනුව පරීක්ෂා කර බලා ක්‍රිස්තියානි ලෝක දෘෂ්ටිය අපට එය තේරුම් ගැනීමට උපකාරී වනවා පමණක් නොව එයට ඇලී සිටීමට ස්ථිර සහ නිශ්චිත බලාපොරොත්තුවක් ද ලබා දෙයි. මෙම කාලෝචිත ග්‍රන්ථයේ සිංහල හා දෙමළ අනුවාද පරිවර්තනය කර ප්‍රකාශයට පත් කිරීමට අවස්ථාව ලැබීම CTS ලත් වරප්‍රසාදයකි. ද ගුඩ් බුක් සමාගමේ ත්‍යාගශීලිත්වය තුළින් අනුවාද දෙකම නොමිලේ වන සම්පතක් ලෙස ඩිජිටල් ආකාරයෙන් ලබා ගත හැකිය.

අදහසක් දක්වන්න